පුවත් සහ සිදුවීම්
අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ උපාය මාර්ගික පුහුණු මැදිහත්වීම උදෙසා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2024.04.04 සහ 05 දෙදින තුළ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ අවස්ථාව.

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීමේ පුහුණු මැදිහත්වීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයට අයත් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන 2024.05.06 හා 07 දින රත්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මේ සඳහා සම්පත් දායකත්වය පුහුණු හා පර්යේෂණ නිලධාරී එස්.එම්.යූ.බී.සමරකෝන් මහතා සහ සංවර්ධන නිලධාරි ආනන්ද ප්‍රේමසිරි මහතාද, සම්බන්ධීකරණය ගයනී නවරත්න මහත්මිය විසින්ද ලබාදෙන ලදී.

අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ උපාය මාර්ගික පුහුණු මැදිහත්වීම උදෙසා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2024.04.02 සහ 03 දෙදින තුළ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.

අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ උපාය මාර්ගික පුහුණු මැදිහත්වීම උදෙසා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2024.03. 26 සහ 27 දෙදින තුළ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.



