ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ දායකත්වය

ප්‍රජා සංවර්ධන සභා නියෝජිත පුහුණුව

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය තුළින් ලංකාවේ සියලුම ගම්මාන සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. ගමේ සංවර්ධනය සඳහා ගමේ සියලුම ප්‍රජාව සහභාගි කරගනිමින් සංවර්ධන වැඩසටහන් හදුනාගැනීමේ සිට අවසානය දක්වා ඔවුන් දායක කර ගැනීම තුලින් සංවර්ධන වැඩසටහන් සාර්ථක කර ගත හැකි බව හදුනාගෙන ඇත. එනිසා ගමේ ප්‍රජාව, නිලධාරින්, දේශපාලන අධිකාරිය නියෝජනය කරන සාමාජිකයින් 25 කින් යුත් ප්‍රජා සංවර්ධන සභාව ප්‍රජාශක්ති වැඩසටහන් ව්‍යුහයේ වැදගත්ම කොටස බවට පත් වී ඇත.

මෙම ප්‍රජා සංවර්ධන සභා 14008 ක් ලංකාවේ පිහිටුවා අවසන් වී ඇති අතර එම ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයින් දැනුවත් කිරීම ආරම්භ කර ඇත. සෑම ප්‍රජා සංවර්ධන සභාවකින්ම නියෝජිතයින් දෙදෙනෙකු පුහුණු කිරීමේ කටයුතු මේ වන විට සිදු කර අවසන් වී ඇති අතර ඒ අනුව ප්‍රජා සංවර්ධන සභා 14008 හි නියෝජිතයින් දෙදෙනා බැගින් නියෝජිතයින් 28016 දෙනෙකු සදහා පුහුණුව ලබා දී ඇත.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහාය මත ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ මෙහෙයවීමෙන් ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ පුහුණු සංචිතය යොදා ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කය - කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මහනුවර දිස්ත්‍රික්කය - උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මොනරාගල දිස්ත්‍රික්කය - මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ගාල්ල දිස්ත්‍රික්කය - ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ගාල්ල දිස්ත්‍රික්කය -ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මහනුවර දිස්ත්‍රික්කය -පස්බාගෙකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

වව්නියා දිස්ත්‍රික්කය -වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කොළඹ දිස්ත්‍රික්කය -පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මුලතිව් දිස්ත්‍රික්කය -තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මහනුවර දිස්ත්‍රික්කය -පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අනුරාධපුර දිස්ත්‍රික්කය -පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය -සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය -වේරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මහනුවර දිස්ත්‍රික්කය - හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය -මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මහනුවර දිස්ත්‍රික්කය - දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මඩකලපුව දිස්ත්‍රික්කය - මන්මුනෙයි දකුණු බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අනුරාධපුර දිස්ත්‍රික්කය - මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මඩකලපුව දිස්ත්‍රික්කය - මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කුරුණෑගල දිස්ත්‍රික්කය - රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය -මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කළුතර දිස්ත්‍රික්කය - හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය - තම්බලකමාම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

පුත්තලම දිස්ත්‍රික්කය - නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මන්නාරම දිස්ත්‍රික්කය - මුසාලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

පොලොන්නරුව දිස්ත්‍රික්කය - පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අනුරාධපුරය දිස්ත්‍රික්කය - මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අනුරාධපුරය දිස්ත්‍රික්කය -තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය -කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අම්පාර දිස්ත්‍රික්කය -තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මොනරාගල දිස්ත්‍රික්කය -කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

හම්බන්තොට දිස්ත්‍රික්කය -තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ගාල්ල දිස්ත්‍රික්කය -වදුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කෑගල්ල දිස්ත්‍රික්කය -වරකපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

යාපනය දිස්ත්‍රික්කය - සංදිලිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මොනරාගල දිස්ත්‍රික්කය - බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

නුවරඑළිය දිස්ත්‍රික්කය - නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කිලිනොච්චි දිස්ත්‍රික්කය -පච්චිලායිපෙල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මාතලේ දිස්ත්‍රික්කය -විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

නුවර එළිය දිස්ත්‍රික්කය -හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

රත්නපුර දිස්ත්‍රික්කය -කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මාතර දිස්ත්‍රික්කය - වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ගාල්ල දිස්ත්‍රික්කය - අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කුරුණෑගල දිස්ත්‍රික්කය - පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ගම්පහ දිස්ත්‍රික්කය - දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

මොනරාගල දිස්ත්‍රික්කය - මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

කුරුණෑගල දිස්ත්‍රික්කය - කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

ග්‍රාමසංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය

ග්‍රාමසංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යක්ෂ "තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය"ගේ මෙහෙයවීම යටතේ බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය තුලදී සාමාන්‍ය හැසිරීම හා විනය පිලිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක පළමු අදියර සාර්ථකව නිමා විය.

නියෝජ්‍ය පොලිස්පති "ජාලිය සේනාරත්න මහතා"ගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරුණු මෙම වැඩමුළුවට බොරැල්ල සහ පිළිමතලාව ශාඛාවල සියලුම ආයතනික නිලධාරීන් සහභාගි විය.

රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සිටින නිලධාරීන් විනයගරුකව, විනිවිදභාවයකින් යුතුව, කාර්යක්ෂමව, අපක්ෂපාතීව, හා ඉහලම ඵලදායීතාවකින් යුතුව, නීතිගරුක සේවාවක් ලබා දීමට අවශ්‍ය මග පෙන්වීම 2026.09.22 දින ආයතනයේ සියලුම නිලධාරීන් හට ලබා දීමට හැකි විය.

දැනුමෙන් ඔබ්බට—ආකල්ප හා හැසිරීම් තුළින් වෘත්තීයමය රාජ්‍ය සේවයක් කරා…

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරනු ලබන “සාමාන්‍ය හැසිරීම හා විනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ” දෙවන අදියර 2026 සැප්තැම්බර් 29 දින පවත්වන ලදී.

රාජ්‍ය සේවකයකු සතු විය යුත්තේ රාජකාරියට අදාළ දැනුම හා කුසලතා පමණක් නොවේ. විනයගරුකභාවය, ආචාරධර්ම, වගකීම් සහගතභාවය, යහපත් අන්තර් පුද්ගල සබඳතා සහ මහජනතාව කෙරෙහි ගෞරවනීය ආකල්පයක් ද ගුණාත්මක රාජ්‍ය සේවයක අත්‍යවශ්‍ය පදනම වේ.

මෙම වැඩමුළුවේ දෙවන අදියර අවසානයේදී, සාමාන්‍ය හැසිරීම, විනය, ආචාරධර්ම සහ වෘත්තීය වගකීම් පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව, එම දැනුම සිය දෛනික රාජකාරි හා හැසිරීම් තුළ ප්‍රායෝගිකව පිළිබිඹු කරන, ආකල්පමය වශයෙන් සංවර්ධිත නිලධාරීන් පිරිසක් RDTRI ආයතනය තුළ බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුහුණු අදියර දෙකම අවසන් කල නිලධාරින් සඳහා සහතිකපත් ප්‍රදානයද සිදු විය.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති – නීති දිසාව භාර ජාලිය සේනාරත්න මහතා විසිනි.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) පුහුණු වැඩසටහන ( ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂවරුන් සදහා) - අංක 01

2026.07.28 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිළිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය ,පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා මාතලේ, රත්නපුර, පුත්තලම, පොලොන්නරුව, ගම්පහ, කළුතර, බදුල්ල, කොළඹ, ත්‍රිකුණාමලය, මහනුවර යන දිස්තික්කයන්හි නිලධාරින් 110 දෙනෙකු සහභාගි විය.මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) පුහුණු වැඩසටහන ( ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂවරුන් සදහා) - අංක 02

2026.08.12 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) එච්.එම්.එම්.යු.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පුහුණුව සඳහා, පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා මොනරාගල, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල යන දිස්තික්කයන්හි නිලධාරින් 115 දෙනෙකු සහභාගි විය.මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා විසින් සහභාගි වූ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දෙන ලදී.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) දමිළ මාධ්‍ය පුහුණු වැඩසටහන ( ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂවරුන් සදහා) - අංක 03

2026.08.13 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) එච්.එම්.එම්.යු.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පුහුණුව සඳහා, පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා අම්පාර, කිලිනොච්චිය, ත්‍රිකුනාමලය, මුලතිව්, යාපනය, වව්නියාව යන දිස්තික්කයන්හි නිලධාරින් 43 දෙනෙකු සහභාගි විය. මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) දෙවන අදියරේ පුහුණු වැඩසටහන - අංක 01

2026.07.28 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිළිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය ,පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා මාතලේ, රත්නපුර, පුත්තලම, පොලොන්නරුව, ගම්පහ, කළුතර, බදුල්ල, කොළඹ, ත්‍රිකුණාමලය, මහනුවර යන දිස්තික්කයන්හි නිලධාරින් 110 දෙනෙකු සහභාගි විය.මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) දෙවන අදියරේ පුහුණු වැඩසටහන - අංක 02

2026.08.12 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) එච්.එම්.එම්.යු.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පුහුණුව සඳහා, පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා මොනරාගල, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල යන දිස්තික්කයන්හි නිලධාරින් 115 දෙනෙකු සහභාගි විය.මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා විසින් සහභාගි වූ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දෙන ලදී.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) දෙවන අදියරේ දමිළ මාධ්‍ය පුහුණු වැඩසටහන - අංක 03

2026.08.12 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) එච්.එම්.එම්.යු.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පුහුණුව සඳහා, පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා මොනරාගල, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල යන දිස්තික්කයන්හි නිලධාරින් 115 දෙනෙකු සහභාගි විය.මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා විසින් සහභාගි වූ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දෙන ලදී

ආයතනයේ ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරිමේ පුහුණු වැඩමුළු

ආයතනයේ ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරිමේ පුහුණු වැඩමුළුව 2026..01.08 වන දින පිළිමතලාව ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ දි පවත්වන ලදි. පුහුණුව සඳහා සම්පත් දායකත්වය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඵලදායීතා නිලධාරී ඩී.පී.සී.එන්. ගුණසිංහ මහත්මිය සහ ඵලදායීතා නිලධාරී ජී.සී.ඩී අමුණුපුර මහත්මිය විසින් ලබාදෙන ලදී.

2026.04.28 වන දින පැවති ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරිමේ පුහුණු වැඩමුළුව

පුහුණුව සඳහා සම්පත් දායකත්වය ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ පරිපාලන නිලධාරි එන්.ඒ.අනුරාධා නිල්මිණි මහත්මිය විසින් ලබාදෙන ලදී.

2026.04.23 වන දින පැවති ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරිමේ පුහුණු වැඩමුළුව.

පුහුණුව සඳහා සම්පත් දායකත්වය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඵලදායීතා නිලධාරී ඩී.පී.සී.එන්. ගුණසිංහ මහත්මිය සහ ඵලදායීතා නිලධාරී ජී.සී.ඩී අමුණුපුර මහත්මිය විසින් ලබාදෙන ලදී.

ප්‍ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා සමාජසජීවිකරණය

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා සමාජසජීවිකරණය

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන නියමු දිස්ත්‍රික්කයන් කිහිපයක නිරත ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා සමාජ සජීවීකරණ පුහුණු වැඩමුළු ගණනාවක් ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් පවත්වන ලදී. ප්‍රජා සහභාගිත්වය උපරිම ලෙස ලබා ගනිමින් දිළිඳුබව තුරන් කිරීම සඳහා අවශ්‍ය දැනුම , කුසලතා හා ආකල්ප නිලධාරින් තුල වර්ධනය කිරීම සඳහා මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක විය.

ප්‍රජාශක්ති පුහුණු මොඩියුල සැකසීම

දිළිඳුකම පිටුදැකීමේ ජාතික ව්‍යාපාරය සඳහා ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහනේ නිරත නිලධාරීන් පුහුණු කිරීම සඳහා ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් පුහුණු මොඩියුල් සකස් කිරීමේ වැඩමුළු ගණනාවක් පවත්වනු ලැබීය. ප්‍රජාශක්ති වැඩසටහන ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සම්බන්ධවන ප්‍රජා සංවර්ධන කමිටු නිලධාරින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම තුළින් ගම සංවර්ධනය කිරීම පහසු කිරීම සඳහා යෝජිත පුහුණු වැඩසටහන්වල පුහුණු මොඩියුල සකස් කිරීම මෙහිදි සිදු කරන ලදී. මේ සඳහා විෂයානුබද්ධ බාහිර විශේෂඥ දැනුමද ගලපා ගන්නා ලදී.

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජාව සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන තුළ සිටින ප්‍රතිලාභී ප්‍රජාව ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම උදෙසා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රාජකාරිවල නිරතවන සංවර්ධන නිලධාරීන් සඳහා සහභාගිත්ව ව්‍යවසායකත්ව කුසලතා සහ ප්‍රජාව ආර්ථික සමාජීය වශයෙන් බල ගැන්වීමට අදාළ සැලසුම් සැකසීමේ පුහුණු වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැවැත්වීම.

ජාතික සංවර්ධන කාර්යභාරයේදි මුලිකත්වය ලබාගෙන කටයුතු කරන රාජ්‍ය හා රජ්‍ය නොවන අංශයේ නිලධාරින්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරිම අරමුණු කර පුහුණු අංශය ක්‍රියාත්මකවේ. ප්‍රජාව සමඟ කටුයුතු කරන මෙම නිලධාරින්ට අවශ්‍ය පුහුණුව ලබාදිමත්, එමගින් ඔවුන් නිර්මාණශිලි සංවර්ධන වැඩකරුවන් බවට පත් කිරිමට අවස්ථා ලබාදිමත් මේ තුළින් බලාපොරොත්තුවේ. ඒ අනුව ඔවුන්ට විෂය වන පුහුණු වැඩසටහන් ගණනාවක්ම පුහුණු අංශය මඟින් ක්‍රියාවට නංවනු ලබයි. වසර ගණනාවක න්‍යායික හා ප්‍රායෝගික අත්දැකිම් සහිත පුහුණු සම්පත්දායක මණ්ඩලයක් මෙහි පුහුණු කටයුතු මෙහෙයවනු ලබයි. අප ආයතනය මගින් පවත්වනු ලබන වාර්ෂික පුහුණු වැඩසටහන් වලට අදාලව අප වෙත ලැබෙන ඉල්ලුම්පත් අනුව පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර සංවර්ධන ක්ෂේත්‍රයේ නියුතු රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ නිලධාරින් හා ප්‍රජා ක්‍රියාකාරින්හට මේ සඳහා අයදුම් කළ හැක.

training1 training2

2024 ක්‍රියාත්මක පුහුණු වැඩසටහන්

පුහුණු වැඩසටහන අරමුණ
අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා සංවර්ධන මැදිහත්කරුවන් ලෙස ක්ෂේත්‍ර නිලධාරින් පුහුණු කිරීම. දිළිඳුකම පිටුදැකීම හා සමාජ සවිබල ගැන්වීමට සහභාගිත්වය උපරිම කිරීම සඳහා එකී වැඩසටහන් සමඟ සම්බන්ධව කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දැනුම ඉහළ නැංවීම. ඒ යටතේ විපර්යකාරක පුහුණුව, ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධනය, ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය, ප්‍රජා සහභාගිත්ව ව්‍යාපෘති සැලසුම්කරණය හා කළමනාකරණය, සමාජ සජීවීකරණය, සහභාගිත්ව නායකත්ව කුසලතා සංවර්ධනය, ප්‍රජා මූල සංවිධාන කළමනාකරණය, පුහුණු වැඩසටහන් සැලසුම්කරණය හා කළමනාකරණය මෙන්ම ධාරිතා සංවර්ධන වැඩසටහන්ද සිදුකරනු ලබයි.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීමේ පුහුණු මැදිහත්වීම ඒකාබද්ධ ප්‍රවේශය තුළින් අස්වැසුම සුභසාධන ප්‍රතිලාභි දිළිඳු පවුල් සවිබලගැන්වීම සඳහා ඉවහල්වන ක්‍රමෝපායන් පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරින්ගේ දැනුවත් බව ඉහළ නැංවීම තුළින් ඉලක්ක දිළිදු පවුල් සවිබල ගැන්වීම හා එමගින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම.
තරුණ ප්‍රජාව සමාජ සජීවිකරණ ක්‍රියාවලිය ඔස්සේ සවිබල ගන්වන පුහුණු මැදිහත්වීම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් පවුල්වල ජීවන මට්ටම ඉහළ නැංවීම හා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම.
පළාත් ග්‍රාමසංවර්ධන සමිති ශක්තිමත් කිරීමේ සහභාගිත්ව පුහුණු මැදිහත්වීම ග්‍රාමසංවර්ධනය සඳහා ඉලක්ක වු ප්‍රජාවගේ සහභාගිත්වය මූලික කොටගෙන ගොඩනැගී ඇති ග්‍රාමසංවර්ධන සමිති නිලධාරින්ගේ දැනුවත් බව ඉහල නැංවීම.