ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන "තරුණ ප්‍රජාව ව්‍යවසායකත්වය හා නායකත්වය තුළින් සවිබල ගැන්වීමේ" පුහුණු වැඩමුළුවේ පළමු අදියර 2024.04.30 දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි තරුණසේවා නිලධාරී, සමෘද්ධි ව්‍යාපෘති කළමනාකරුවන් සහ සංවර්ධන නිලධාරින් සම්බන්ධ වූ අතර සම්පත් දායකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සමන් වඩුගේ මහතා, ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය, පුහුණු අංශ ප්‍රධාන ඩබ්ලිව්.එච්. සිරිසේන මහතා සහ පුහුණු හා පර්යේෂණ නිලධාරී මංගලිකා වනසුන්දර මහත්මිය විසින් සපයන ලදී.



