ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය 1974 ස්ථාපනය කරන ලද අතර ඒ වන විට ආයතනය ග්‍රාසංවර්ධන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා මැදිහත්විම සිදුකරනු ලැබුවේ පුහුණු වැඩසටහන් තුළින් පමණි. සාම්ප්‍රදායික ග්‍රාමසංවර්ධනය තුළ භෞතික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදුන් ප්‍රවේශයක් ඔස්සේ ග්‍රාමසංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගැටලු මතුවිය. ඒ අනුව 1978 වර්ෂයේදී සහභාගිත්ව සංවර්ධන සංකල්පය ප්‍රායෝගීකරණය කිරීමේ කාර්යබද්ධ පුහුණු පර්යේෂණ වැඩසටහනක් ලෙස විපර්යකාරක වැඩසටහන ආරම්භ කිරීමේ ක්‍රමෝපායික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ හා සංවර්ධන අංශය ආරම්භ කරන ලදි. ඒ තුළින් නව සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධන සංකල්පය අත්හදා බැලීමේ නියාමන කටයුතු පර්යේෂණ අංශයේ විෂය පථයට ඇතුලත් කරන ලදි. ඒ අනුව 1978 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා විපර්යකාරක වැඩසටහනේ මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන වගකීම බවට පත් විය. 1998 වර්ෂයේදී ව්‍යාපෘති කාලය නිමවීමත් සමග විපර්යකාරක වැඩසටහන ක්‍රියාත්මක වූ කාර්යස්ථාන 64 ස්වාධීන හා ආයතනගත කිරීමේ තීරණයත් සමග ප්‍රජාශක්ති සංවිධාන ජාලය ගොඩනැගුණි. එම සංවිධාන ජාලය මඟ ගැන්වීමේ උපදේශකත්වය ලබාදිම පර්යේෂණ අංශයේ කාර්යයභාරය විය.
දිළිදු පවුල් ඉලක්ක කරගත් සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධනය ක්‍රමවේදය පර්යේෂණ අංශය තුලින් කාර්යබද්ධ වැඩසටහනක් ලෙස ගොඩනගන ලදි. එමෙන්ම 2000 වර්ෂයේදී කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය හා එක්ව ස්ත්‍රී පුරුෂ සමාජභාව සංකල්පය සංවර්ධන වැඩසටහන් සදහා අන්තර්ග්‍රහණය කිරීමේ ජාතික මට්ටමින් පුහුණු හා පර්යේෂණ කටයුතු සදහා මැදිහත් විය. අවුරුදු 40 කට ආසන්න කාලයක් තුළ ග්‍රාමසංවර්ධනය හා දිළිදුකම පිටුදැකීම පිළිබද පුළුල් ක්ෂේත්‍රයන් ඔස්සේ කාර්යබද්ධ පර්යේෂණ, සමාජීය පර්යේෂණ, සමීක්ෂණ හා සිද්ධි අධ්‍යයන ආදි පර්යේෂණ කාර්යයන්වලද, අත්දැකීම් හුවමාරු වැඩමුළු හා විවෘත සංවාද වැනි නව දැනුම බෙදා හැරීමේ කාර්යයන්ද, පර්යේෂණ වාර්තා එළිදැක්වීම හා සත්‍යා පුවත්පත එළිදැක්වීම ආදී කාර්යයන්ද පර්යේසණ අංශය මගින් සිදුකල මුලික කර්යයන් අතර විය.
2024 ක්‍රියාත්මක පර්යේෂණ වැඩසටහන්
| පර්යේෂණ වැඩසටහන | අරමුණ |
| ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතුවල වර්තමාන තත්වය හා එය ග්‍රාමසංවර්ධනය කෙරෙහි සිදුකර ඇති බලපෑම හඳුනාගැනීම | ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතුවල වර්තමාන තත්වය හඳුනාගැනීම තුළින් වී,එළවළු, කුළුබඩු ආශ්‍රිත වගාවේ වර්තමාන ගැටළු හඳුනා ගැනීම හා එම භෝග වගාව අඩු ආදායම්ලාභි ගොවිපවුල්වල ආර්ථික බල ගැන්වීමට කරනු ලබන බලපෑම හඳුනා ගැනීම. |
| එළවළු ගොවීන්ගේ නිෂ්පාදන හා අලෙවි ගැටළු හඳුනා ගැනීමේ සමීක්ෂණය | ආර්ථික වශයෙන් සවිමත් එළවළු ගොවියන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග ඇතිකිරීම සඳහා දායක වීම. |
| විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල් මුහුණ දෙනු ලබන සමාජ ආර්ථික ගැටළු පිළිබඳ සිද්ධි අධ්‍යයනය | ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පවුල් මුහුණපාන සුවිශේෂි සමාජ ආර්ථික ගැටළු හඳුනා ගැනීම හා ඒ සඳහා විකල්ප පසු විපරම් යෝජනා ඉදිරිපත් කිරීම. |

මාතලේ අංකන්ද එල්ලෙන පාලම ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම
මාතලේ අංකන්ද එල්ලෙන පාලම ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම
අගුණකොලපැලැස්ස වැව ආශ්‍රිත බහු කාර්ය සංවර්ධන වැඩසටහන නිරික්ෂණය
අගුණකොලපැලැස්ස වැව ආශ්‍රිත බහු කාර්ය සංවර්ධන වැඩසටහන නිරික්ෂණය
උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරවැව රොන්මඩ ඉවත් කිරීම, මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ ව්‍යාපෘතිය සහ ගම මැද මාර්ගය තාර දැමීමේ ව්‍යාපෘතිය නිරික්ෂණය
උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරවැව රොන්මඩ ඉවත් කිරීම, මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ ව්‍යාපෘතිය සහ ගම මැද මාර්ගය තාර දැමීමේ ව්‍යාපෘතිය නිරික්ෂණය
බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් බීජ වගාව පිළිබඳ ව්‍යාපෘතිය නිරීක්ෂණය
බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් බීජ වගාව පිළිබඳ ව්‍යාපෘතිය නිරීක්ෂණය
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඌණ භාවිත ඉඩම්වල තේ වගාව තුළින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඌණ භාවිත ඉඩම්වල තේ වගාව තුළින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම
මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළු පාලන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම
මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළු පාලන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම